මුහුදු මට්ටමේ සිට අඩි 6,182ක උසින් පිහිටි නුවරඑළිය නගරය අවට ප‍්‍රදේශවල පවතින සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 – 5 දක්වා පහත වැටුණු විටක මල් තුහින දැකගත හැකිය. මෙසේ උෂ්ණත්වය පහත වැටීමත් සමඟ දැඩි ශීත දේශගුණයක් අළුයම් කාලයේදී නුවරඑළිය පුරා පවතින අවස්ථාවන් හීදී මෙම මල්තුහින පතිත වේ. මේ කාලය නුවරඑළිය පරිසරය ඇතැම් විට සාමාන්‍ය ජනතාවට ඉතා කටුක බවක් ගෙන දේ.