කඹුරුපිටියෙන් උදේ 7ට පමණ ගමන් ආරම්භ කර අනෙක් සාමාජිකයින් 5 දෙනා සමග අකුරැස්ස, උඩුගම හරහා නෙලුව බලා ගමන් ගත් අතර මංජු සහ ජයනෙත්ති පිලියන්දලින් ගමන් ආරම්භ කර දක්ෂිණ අධීවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමෙන් පැමිණ පැලවත්ත හරහා නෙලුවට පැමිණ අප හා එක්විය. නෙලුවෙන් අවශ්ය ආහාර ද්රාව්ය හා අනෙකුත් භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු අප පලමුවෙන්ම නෙලුව ලංකගම මාර්ගයේ නෙලුවේ සිට 7km ක් පමණ දුරින් පිහිටි කොස්මුල්ල දුවිලි ඇල්ල නැරඹීම සඳහා ගියෙමු.












