සිරිපා වන්දනා ගමන ගැන කියන අඹගමු සෙල්ලිපිය
තථාගත බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වෙනි වර්ෂයේදී මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළහ. ඒ උන්වහන්සේගේ තෙවන ශ්‍රී ලංකාවට වැඩම කිරීමයි. එම අවස්ථාවේදී සුමන සමන් දෙව් රජුගේ ආරාධනය පරිදි බුදුපියාණන් වහන්සේ සමන්ත කූඨ පර්වත මුදුනේ මුනි සිරිපා පා පහසින් හෙළදිව පිවිතුරු භූමියක් බවට පත්කළ සේක.