සිංහල ජනතාව අතර “කතරගම දෙවියන්” යන නමින් ද හින්දු ජනතාව අතර “මුරුගන්”, “ස්කන්ධ” යන නමින් ප්රචලිත කතරගම දෙවියන් පිළිබඳ ජනප්රවාද රාශියක් තිබේ. කතරගම දෙවියන්ගේ උපත පිළිබඳව විවිධ මතිමතාන්තර තිබේ. ඉන් එක් මතයක් වන්නේ ඊශ්වර හෙවත් ශිවගේත් පාර්වතියගේත් පුතකු ලෙස ස්කන්ධ කුමරු උපත ලද බවයි.