බි‍්‍රතාන්‍ය පාලන සමයේ ලංකාවේ විවිධාකාර සංවර්ධන ක‍්‍රියාවලි සිදුවිය. ඒ සියල්ලම ඔවුන්ගේ පහසුව වෙනුවෙන් සිදුවූ ඒවාය. ඒ අතර අදටත් අප භාවිත කරන විශ්මයජනක කර්තව්‍යය වනුයේ උඩරට දුම්රිය මාර්ගයයි. කිලෝමීටර 292 ක් දිග කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගයේ පිහිටි බිංගෙවල් ගණන 43 කි. අද අපේ ක‍්‍රියාදාමය නම් කි.මී. 9 ක් දුරැති ඔහිය-ඉදල්ගස්හින්න දුම්රිය මගේ චාරිකාවක් යමින් බිංගෙවල් 14 ක් හරහා යාම සහ දෙමෝදර ආරුක්කු නවයේ ඓතිහාසික පාලම යටට ගමන් කිරීමයි.