රාමායනය කථා පුවතේ එන පරිදි රාවණා රජු යනු බල සම්පන්න රජකෙනෙකු වේ. නමුත් රාමායනය කථා පුවතේ රාවණා දුෂ්ටයාගේ චරිතයට ඇද දමා ඇති මුත් රාවණා රජු පිළිබඳ ගවේෂණය කරන ලාංකික විද්වත්හු ඔහුව දේශයේ අසමසම රජකෙනෙකු ලෙස සැළකූහ. එ් මන්දයත් ඔහු සතුව පැවැති බලය හා තාක්ෂණික දැනුමේ සන්නද්ධභාවය නිසාය. ලංකාවේ පළාත් සියල්ලම තුළ රාවණා රජු සම්බන්ධ කුමන හෝ ස්ථානයක් ඇති අතර වර්තමානය වනවිට රාවණා රජු පිළිබඳ කතිකාවත දැඩි ලෙස සමාජගත වී හමාරය. දඬුමොනරය යනු ලෝක ඉතිහාසය තුළ ගුවනින් ගමන් ගත් ප්රථම වාහනය වන අතර මෙකී දඬුමොනරය එලෙස ගුවනින් ගමන් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ ගුවන්තොට පිළිබඳ විවිධ මතවාද හා ජනප්‍රවාද ගොඩනැගී ඇත. ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නා එවැනි ගුවන්තොටක පැහැදිලි ලක්ෂණ සහිත ඉසව්වක සැඟවුණු අභිරහස් සොයාගිය ගමනක විස්තර මෙසේය.