Google
Custom Search
  • Home
  • Images
  • Wallpapers
  • Attractions
  • Trails
  • Tools & Tips
  • Forum
  • Contact Us
  • Trips

Trip Reports Archive » By Location » Wet Zone » Exploring Galmulla Caves and Kaluwala Falls

Exploring Galmulla Caves and Kaluwala Falls

Copyright Notice: Please obtain permission from the author before duplicating, re-publishing or adapting content of a trip report
Be a responsible traveler! Watch this video before you hit the road! Download Video: MP4|3gp
Do you like to contribute a Trip Report? learn how to or download template and start straight away!
Tags & Author Archive

Galmulla Caves, Ingiriya, Wet Zone, Mountains, Birds, Wildlife, Hiking, Adventure Drive, Forest Reserve, Natural Bath, Photograhy, Rock Climbing, Trekking, Waterfalls

Author: Ranshan Fernando (197 Trips)

Ads by Google
Year and Month  08-August-2020
Number of Days  One
Crew  02
Accommodation  N/A
Transport  Motor Bicycles
Activities  Hiking, Photography, Sightseeing, Nature Exploring, Caving
Weather  Good
Route  Colombo -> Moratuwa -> Bandaragama -> Horana -> Ingiriya
Tips, Notes and Special remark
      • Carry enough water
      • Do not try in rainy days
      • Beware of obstacles
      • Do not harm the caves
      • Ask the directions from local
      • Do not disturb to the villagers
      • Do not litter
      • Leave only footprints
Related Resources  Ingiriya
Author  Ranshan Fernando
Comments Discuss this trip report, provide feedback or make suggestions at Lakdasun Forum on the thread

  • Exploring Galmulla Caves and Kaluwala Falls

This hike was planned by Nirosh as he has noticed this place according to a blog post. After I joined with him at Bandaragama we headed to the location and parked our bike near a village house and walked along the footpath. There was a small path but it is not much clear. However, within a few minutes, we were able to reach the cave complex, and the environment and the caves are really attractive and beautiful. Below is the blog post that Nirosh kept and we followed.

Galmulla Caves – 6.750687, 80.157896

ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා ගවේෂණය

ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා පිහිටා තිබෙන්නේ කලුතර දිස්ත්‍රික්කයේ, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නිමළගම ග්‍රාම නිලධාරී වසමේය. පිවිසිය හැකි ආකාරය ඉංගිරිය නගරයේ සිට හොරණ දෙසට කිලෝමීටරයක් පමණ පැමිණ රිනවුන් ගරාජය ඉදිරිපිට ඉසුරුපුර මාර්ගයේ කිලෝමීටර් බාගයක් පමණ ගමන් කළ විට හමුවන බුදු පිළිමය අසලින් වමට හැරී මීටර් සීයක් පමණ ඉදිරියට ගොස් ඔරලෝසු තටාකය අසලින් දකුට හැරී මද දුරක් ගොස් නවගම්මානය අසලින් වනගත කන්ද නැග ගොස් ගල්මුල්ල පෙදෙසට ලගාවිය හැකිය. වැදගත්කම වනුයේ ඓතිහාසික ගල්ගුහා කිහිපයක් වීමයි. ඇදුරාගල ගල්ගුහා සංකීර්ණයටම නෑකම් කියයි. ගල්මුල්ල ප්‍රධාන ගල්ගුහාව අවට කුඩා වටිනා ස්වභාවික වනාන්තරයකි.

රයිගම් කෝරළයේ සැඟවුණු ඓතිහාසික හා පාරිසරික වැදගත් කමක් ඇති ස්ථාන ගවේශනය කරන අප කේසර සගයින්ගේ ඊළග ගවේශන චාරිකාව වූයේ ගල්මුල්ල ගල්ගුහා ආශ්‍රිත කලාපය ගවේශනය කිරීමය. අපේ සගයින් ඉංගිරිය ඔරලෝසු තටාකය අසලට රැස්විය. ජානක තරංග, නුවන් සුජීව රණසිංහ, සංගීත් මධුසංක, චමත් දුල්ශාන්, සචිත් ජීවන්ත හා මාර්ග දර්ශනයෙන් ඉසුරු පුර ඩබ්ලිව්. රත්නපාල මාමාද අප හා එක්විය.
ඔරලෝසු තටාකයෙන් මුහුණ කට දොවා ගත අප උදෑසන ආහාරය ගෙන, චාරිකාව අරඹනු වස් ගමන් මලුද කරදා ගතිමු. පෙරමුණු ගත්තේ රත්නපාල මාමාය. එතුමා ඉංගිරිවත්තේ දීර්ගකාලයක් කන්කානම් වශයෙන් සේවයෙහි නිරතව සිටි අයෙකි. මෙම කලාපය ගැන අතැඹුලක්සේ දන්නා එතුමාගේ පිටුපසින් අපි ගමන් කරන්නට වීමු. මාධ්‍යවේදී මහතෙක්ද අප හා එක්විය.

ගොඩැලි කිහිපයක් පසු කර අපි ගල්මුල්ල කන්ද අසලට පැමිණියෙමු. ඉන්අනතුරුව අපේ ගමන් සගයින් තමන් විසින් ගෙනා නිල් සබන් කකුල් වල හොඳින් ගාන්නට වුයේ ගල්මුල්ල පෙදෙසේ අඩුවක් නොමැතිව සිටින කූඩැල්ලන්ගෙන් ගැලවීමටය. කූඩැල්ලන්ට තරමක හෝ ප්‍රතිචාර දැක්වූයේ එම සබන් වර්ගය පමනි.

ඉතින් අප රබර් වතුයාය මැදින් ඉදියට ගමන් කරන්කරන්නට විය. අප දුටු කිරි කපමින් සිටි කාන්තාවක් මහත් කුතුහලයෙන් අප දෙස බැලීය. නමුත් රත්නපාල මාමා ඔවුන් අමතා අප ගල්මුල්ල ගල්ගුහා තරණය කිරීමට යන බව පැවසීමෙන් ඒ කුතුහලය මදක් සමනය විය. අතීතයේ ඉතාම කාර්ය බහුල ලොකු ආදායමක් ගත් වත්තක් වූ ඉංගිරියවත්ත ඒ. එජ් ඩී සොයිසා මහතාට අයත්ව තිබිණ. හෙතෙම පානදුරේ සුප්‍රකට ධනවතෙකි. නමුත් රජයට පවරා ගැනීමෙන් පසු එහි ක්‍රියාකාරීත්වය දුර්වල විය. වත්තෙන් විශාල පෙදෙසක් ඉංගිරිය නව නගර සැලැස්මට අනුගතව එළිපෙහෙලිවිය. තවත් කොටසක ජනතාව පදිංචි කළේය. ගම්උදා ඇතිවය. මේ සියල්ල නිසා ඉංගිරිය වත්ත අභාවයට ගියේය. සොයිසා වත්ත නමින්ද හැදින්වෙන්නේ මෙම වත්තමය.

ඉන් අනතුරුව අප අවතීර්න වූයේ වනගත පෙදෙසෙටය. ඉහළට එසවීගිය තුරු මුදුන්වට මූවා වී එන හිරු එළිය ග්‍රහණය කර ගනිමින් යටිරෝපණය සරුවට වැඩී ඇත. අප එකිනෙකට වෙලී ඇති කුඩා ගස් හා වැල් වලන් බේරි ඉදිරියට ගමන් කිරීම අපහසු කාරණයකි. ඒවන විට අප ඉදිරියට යමින් සිටි අඩිපාර මිනිසුන් වැඩිපුර ගමන් නොකර නිසා මැකී යමින් තිබිණ. අපි ගල්මුල්ල ප්‍රධාන ගල්ගුහාවට ආසන්න වෙත්ම කළබලයට පත් මීමින්නෙක් අප අසලින් දිවගියේය. මින් පෙර මීමින්නෙක් ජීවමානව මෙතරම් ආසන්නයෙන් අප දැක තිබුනේ නැත.

රත්නපාල මාමා නොවන්නට ඒ අඩි පහර හරහා වැටී ඇති වල් උරන් නිතර ගමන් කිරීමෙන් ඇති කල පාරවල ගොස් මන්මුලාවනු නිසැකය. අප වෙහෙසරකර ගමනකින් යුතුව ගල්මුල්ල ප්‍රධාන ගල්ගුහාවට ලඟාවීමු. එය පළලින් අඩි එකසිය පණහක් පමණ පලල්ය. බිමට ගල් පතුරු අල්ලා මනාව සකසා ඇත. ගුහා අභ්‍යන්තරය අඩි හැටක් පමණ පළල්ය. මෑත කාලයේ භික්ෂූන් වහන්සේ නමක් මෙම ගල්මුල්ල ප්‍රධාන ගල්ගුහාවේ වාසය කර ඇත. උන් වහන්සේට ඇතිවූ ගැටළුවක් නිසා උන්වහන්සේ මෙම ගල් ගුහාව අතහැර වෙනත් ස්ථානයකට වැඩම කර ඇත. උන් වහන්සේගේ දිවි පහසුව පිණිස පුංචි පුංචි නිර්මාණයන් තනාගෙන ඇත. මෙම ගල්ගුහාව උඩ කොටස් කටාරම් කොටා ඇත්තේ පුරාණයේ මෙම ගල්ලෙන භික්ෂු ආරණ්යයක්ව තිබෙන්නට ඇතැයි සැක සිතීමට කටයුතු යෙදෙමින. අතීත මානවයින්ගේ පවුල් කිහිපයක්ම මේ ගල්ලෙනේ වෙසෙන්නට ඇත.

ගල්ගුහාවේ සිරි නැරඹු අප ගල්ගුහාවේ නැගෙනහිර බෑවුමේ පිහිටි තවත් කුඩා ගල්ගුහාවක් වෙත ගමන් කළෙමු. මෙහි අතීත මිනිසුන්ගේ ගල් මෙවලම් කිහිපයක් යැයි සැකකළ හැකි පාෂාන කැබලි අපට එහිදී දිස්විය. ඉන් ඉහළට ගමන් කළ යුතුව ඇත්තේ මිනිස් පහස එතරම් නොලබන වනගත කොටසටය. ඉංගිරිය නගරයේ ජනාකීර්ණ බව වැඩි වෙත්ම සතුන්ට වාසස්ථාන අහිමිවිය. ඒ බොහෝ සතුන් කොටුවී ඇති ක්ෂේම භූමියක් ලෙස මෙම ගල්මුල්ල වනය දැක්විය හැකිය. රත්නපාල මහතාට අනුව, වල්උරන්, හඳුන් දිවියන්, මීමින්නන්, ඉත්තෑවන්, හෝතඹුවන්, මුගටියන් සහ විවිධ කුරුළු වර්ග රැසක් මේ පෙදෙස සිය අභයභූමිය කරගෙන ඇත. ඉඳහිට පැමිනෙන දඩයක්කාරයෙක්ගෙන් හැරෙන්නට මෙම සතුන්ගේ දිවියට හිරිහැරයක් නොමැත.

ගල් මුල්ල ප්‍රධාන ගල්ගුහාවට ඉහලින් තවත් දිගැති ගල්ගුහාවක් විය. එය වෙත ගමක් කළ යුතු වූයේ වල් ඌරන් විසින් සකසන ලද අඩිපාරක ඔස්සේ කුදු ගැසී ගමන් කරමිණි. බට පදුරු අතරින් ඇතැම් තැන් වලිදී බඩගාමින් ගමන්කළ අපි වැඩි දෙනෙක්ගේ ඇස නොගැටෙන දිගැති ගල්ගුහාවක් වියත එය අවට කොස්ගස් කිහිපයක් හා කොහිල ගාලක් විය. අතීතයේදී මෙහි කිසිවෙක් හෝ වසය කරන්නට ඇතැයි සිතිය හැකි සාධක පැවතියේය.

මෙම වනගත පෙදෙස දකිනවිට අප හිත් පැවසුවේ මේ කුඩා නමුත් වටිනා පාරිසරික කලාප මතු පරපුර උදෙසා රක්ෂිතයක් යැයි ප්‍රකාශයට පත්ව ආරක්ෂා කරගත යුතුබවය.

සැකසුම – www.ingiriyacity.lk
සටහන – ජානක තරංග ආරියරත්න
http://www.ingiriyacity.lk/blog/

Journey started

Environment

Green

Obstacles

Beauty

Flowers

Beauty

Beauty

Beauty

Cave Complex

Inside

Rocks

Ruins

View

Nirosh was there

Bit long

Well maintained

Sleeping beds

Surrounding

Nature

A small one

From the rocks

Darkness

Environment

Beauty

Beauty

Difficult hike

Beauty

Beauty

Spider

Walking

Beauty

Tasty

More

Fresh

Surrounding

Something to next

Heading to the next attraction

Kaluwala falls is not a famous place and there are some police cases happened on this area hence we contacted a known person to reach this place and it was really beautiful and attrative.

The fall

Width

Full view

Kaluwala Falls

Side view

The stream

Surrounding

Clear

On the top

Clear

How beautiful it is

Colors

Cool water

Time to leave

Pano

Pano

Thank you for reading !

Sobasiri Team ©

Copyright 2020 Lakdasun.org - Please obtain permission from the author before duplicating, re-publishing or adapting content of a trip report

Best Viewed with Minimim Horizontal Resolution of 1024 Pixels | Site Tested for IE7, Firefox and Chrome