පිළියන්දලින් රාත්රී 11 ට පමන පිටත්වූ අප උදෑසන 9 පමණ වන විට පොතුවිල් මුහුදු මහා විහාරයට ලඟා වුනෙමු. කුමන පිවිසුමට ලඟාවන විට දහවල් 12 පමණ විය. එතැනින් දිවා ආහාරය ගත් අප අපේ පළමු දින නවාතැන වූ කුඹුක්කන් ඔය හෙරලිගස් ආර බලා පිටත් වුනෙමු. කුමන පිවිසුමෙන් ඇතුල්වූ අප බාගුර පිටිය, කුමන විල්ලුව, මඩමතොට පසු කරමින් 23 පමණ දුර ගෙවා හෙරලිගස් ආරට ලඟා වුනෙමු.




