කැබලිත්ත සියඹලාව දේවාලය හාස්කම් වලින් පිරුණු ස්ථානයක් ලෙස බොහෝ දෙනාගේ පිළිගැනීමයි. පුරාවෘත්තයන්ට හා ජනප්රවවාදයට අනුව ඉන්දියාවේ සිට පැමිණි ස්කන්ධ කුමාර හෙවත්, කතරගම දෙවියන් ලංකාවේ නතර වීමට තීරණය කල බැවින්, එතුමන් පැම්ණි රන් ඔරුව ගල් කල බවත්, එම ස්ථානය රන් ඔරුගල නමින් හඳුන්වන බවත් සඳහන් වේ.










