රාත්රිටය පිලියන්දල ගත කලෙමු. පසු දින උදයේ ලබුනෝරුව බලා පිටත් විය. එදින දිවා ආහාරය ඉබ්බන්කටුව ජලාශය අසලදී ගත් අප ලබුනෝරුවට ළඟවනවිට සවස් වී තිබුනි. රිටිගල කඳු පාමුල පිහිටි ලබුනෝරුව ආරණ්ය සේනාසනය ඉතා නිස්කලංක ස්ථානයක් වන අතර ඊට මද දුරක් ඈතින් පිහිටා ඇති මූරියන්කඩවල වැව රිටිගල කන්දත් සමග දර්ශනීය දසුනක් මවාපායි