පවුලක පැතුම් හිස බර දරාගෙන කරුණෙ අයියා වන බුටැවන් මැද්දෙන් කළුවරේම කන්ද බඩගාන්නේ තනිපංගලමේය. කුඩා කල සිටම තමන්ගේ පයට ගෙවුණු රළු ගල් බොරළු පාර කරුණෙ ඔහුට හොඳට හුරුය. කරුණෙ අයියා පමණක් නොව, කොහොනාවල නම් හුදෙකලා ගම්මානයේ වෙසෙන බොහෝ ගැමියන් තමතමන්ගේ කුඩා ගෙවත්තේ ඵලදාව එක්කරගනිමින් දෛනිකව මඩො හෝ කැලෑ කොළ මිටියක් රැගෙන කඳුකර මාවතේ කිලෝමීටර දොළහක දුර පාගමනින් යන මේ වැසියෝ එදා දවසේ ජීවිතය සැලසුම් කරන්නේ තම තමාට එදිනෙදා ලැබෙන මුදල මතය.කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවන වෘත්තිය කොටගත් කොහොනාවල ගම්මානය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ මඩොල්සිම නගරයට කිලෝමීටර දොළහක දුරිනි. ප්‍රධාන නගරයේ සිට මඩොල්සිම තේ වතුයාය හරහා වැටී ඇති දුෂ්කර පටු දිගු කඳුකර මාවතෙහි පා ගමනින් පමණක් ළඟාවිය හැකි මෙම ගම්මානය අතිශය සුන්දර ස්වයංපෝෂිත දිවියක් ගතකරන ගැමියන්ගෙන් සැදුම්ලත් එකකි. අයස්කාන්ත කඳු වලල්ලකින් වටවූ මේ හුදෙකලා ගම්මානය ගැන දන්නෝ අතළොස්සකි.උදාහරණයක් කිවහොත් බදුල්ල ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයන් පවා මේ හුදෙකලා කුඩා ගම්මානය ගැන දන්නේ නැත.