කතා කරගත්ත විදියටම අපි හවස 6.45 ට කොලඹින් මහ ඔය හරහා අම්පාර බස් එකට නගින්න ගමනට කතා උන මම ( කාවින්ද ) ,රෝශන සහ චිරාන් මල්ලි ලෑස්ති උනා.උදේ එනකොටම ගෙනියන්න ඕන බඩු මුට්ටු ඔක්කොම බෑග් එකටත් දාගෙන මම ආව වගේම රෝශනත් ඒ විදියටම කරල තිබුන ගමනේ අනිත් සගය වෙච්ච ලක්මාල් මහියංගණයෙන් අපි එන බස් එකට නගින්න කතා වෙලා හිටපු නිසා එයත් බදුල්ලෙන් ටයිම් බලල මහියංගණය ට එන්න කතා උනා.