දුමෙන් බර මිටියාවත නොහොත් දුම්බර වන පියසේ වසන් වූ තවත් හරි අපූරු කන්දක් සොයා යාමට අපට සිතුණේ මිනින්දෝරු සිතියම් තුළ එය ස්ථානගත වී තිබුණු නිසාවෙනි. මුහුදු මට්ටමේ සිට උස මීටර් 1800 ට වැඩි කඳු හතරකින් පිරි නකල්ස් වන පෙතේ පස්වැනියට උසම කන්ද වූ අලියා වැටුණ ඇළකන්ද උසින් මීටර 1665 ක් විය. කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වූ මේ අපූරු කන්ද සොයා අප වන වැදුණේ ජී.පී.එස්. (GPS) තාක්ෂණික සිතියම් අනුසාර කරගනිමිනි.