සමනළ වන මැද නටබුන් සොයා ගිය අපි මීළඟට ගියේ තවත් අපූරු ස්ථානයකට. ඒක කන්දක්. මහ කළු ගල් පර්වතයකින් හෙබි විශාල කන්දක් වන එය සමනළ කන්දට පෙනෙන්නේ තවත් කන්දක් සමගින් හාවී කඳු වැටියක් ලෙසයි. සමනළ කන්ද යනු ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගිය සලකුණයි. මන්ද අතීතයේ අරාබි මුහුද හා ඉන්දියන් සාගරයේ යාත්‍රිකයන් මෙම අරුම පුදුම කන්ද දැක අප සශ්‍රීක ගොඩබිමට ගොඩවැදුණු බව නොරහසකි. අද අප සමනළ අඩවියේ හුදෙකලා වූ කන්දක් සොයා ගෙන ගියේ අතීතාවර්ජනයක්ද සමගිනි.