ගැරඬිගල ඉසව්ව අවට ඇති සමස්ත දිය ඇලි ගණන 10 ක්, ඇලි සියල්ලෙම උස එකට ගත් විට බඹරකන්දට වඩා උසයි. ඇලි දාමයේ ජල මූලාශ්‍රය ඇත්තේත් එම කන්දෙමයි. ශ්‍රී ලංකාව පුංචි රටක් වුවද එහි ඔබ අප පවා නොදුටු නොදන්නා සුන්දර ඉසව් බොහොමයක් සැඟව පවතියි. නිතර දෙවේලේ එවැනි සුන්දර ඉසව් සොයා යන අපට හමු වූ අපූරුතම කන්දක් සහ ඇලි කිහිපයක් තිබෙන එක් ස්ථානයක් හමුවුණේ නකල්ස් වනපෙතේ දකුණු කෙළවරදීය. එය කන්දක් වුවද දිය ඇලි දාමයක් ඉන් ඉහළ සිට පහළට කඩා වට්ටවන අපූරු තෝතැන්නක් විය. නමින් ගැරඬිගල වන ඉන් වැටෙන දිය ඇලි ගණන හතකි. ඒවා ගැරඬි ඇලි ලෙස හඳුන්වන අතර සමස්තයක් ලෙස මෙම ඇලි යම් ලාලිත්‍යයකට, රටාවකට අනුව ඉහළ සිට වමට බරව කඩා වැටෙනු ලබයි.